පායා ඇයි හිනහෙන්නේ
මෙම ගිතය ආදරයෙන් බැඳුනු දෙදෙනෙකුගේ තාවකාලික වෙන්වීම ආදරවන්තයකුට දැනෙන්නාවූ සිතුවිලි සමුදායක් පද රචකයාගේ ග්‍රහනයට හසුවූ අවස්ථාවක්ය.සමහරවිට මේ දෙදෙනා විවාහක යුවලක් විය හැකිබව මගේ අදහස.නමුත් ඒ බව සනාථවන පදයක් නොමැත.
"පායා ඇයි හිනහෙන්නේ
නිල් ගුවනේ තරු රාශී
නැතිවී නැතිවී නම් ඇගෙ මුහුනේ
නිල්වන් දෙනෙතේ කාන්තී"
ඔයා අද මගෙ ලඟ නැති පාලුව මට දරාගන්න බෑ රත්තරනේ.ඒ පාලුව කොච්චරද කියනවනම් මේ රාත්‍රිය මට මහ දුකක්.මේ තරු මට සරදමට හිනාවෙනවා.ඔයා මගේ ලඟ නැතිනම් මට මේ තරු පිරි අහස මොකටද?මේ තරුණයා දකින්නේ තම ආදරවන්තියගේ කාන්තිමත් ඇස් දිලිසෙන තරු පිරි අහස සේ යැයි පද රචකයා උපමාවක් සේ දක්ව ඇත.
"ඇගෙ වත මට නොපෙනේනම්
පුන්සඳ ඇයි හිනහෙන්නේ....//
පුන්සඳ කොච්චර ලස්සන උනත් ඔයා නැතිනම්....මේ තරුණයාගේ විප්පයෝගය නොවෙද?
නැතිදා ඇගෙ ගී රාවේ
කොවුලනි ඇයි ගී ගැයුවේ.....//
වනයේ පිපි මල් ගොමුවේ
සමනලයිනි ඇයි හැඬුවේ
නැතිවී නැතිවී නම් ඇගෙ මුහුනේ
නිල්වන් දෙනෙතේ කාන්තී"
"ඇගෙ දිමුතු දසන් නොපෙනී
මට මොකටද මුතුපන්තී....//
ඇගේ කඳුලැලි නැතිවිටදී
ඕනෑ නෑ දියමන්තී"ඇගේ සිනාව,කඳුලු නැතිනම් මොන වටින වස්තුව තිබුනත් වැඩක්නැති බව තරුනයාගේ ආදරය ප්‍රකාශ කරයි.
අති විශිෂ්ඨයි සහෝදරයා.....
ReplyDeleteඔහොම දිගටම කරගෙන යං ....
නියමයි මල්ලි.... එලකිරි වැඩක්..//
ReplyDeleteThanxs a lot
ReplyDelete