සංස්කාරක ප්‍රකාශය

අපගේ Outlook of verse Blog අවකාශයට පැමිනි ඔබ සාදරයෙන් පිලිගනිමු.මෙම Blog අවකාශය හරවත් ගීත වල අර්ථයන් සහ තේරුම් ඔබ වෙත තිලිණ කරනු ලබයි.මෙම ගීතයන්ගේ අර්ථය සංස්කාරක විසින් නිර්මිත හෝ ගීත රචකයාගේ අර්ථය වියහැක.තවද එක් ගීතයක් සඳහා අර්ථයක් හෝ අර්ථයන් කීපයක් වියහැක.ඔබ දන්නා යම් ගීතයක අර්ථයක් වේ නම් අප වෙත ලියා එවන්න.අපි ඔබ නමින් එය පලකරන්නෙමු.ඔබගේ අදහස්,යෝජනා යොමු කරන්න අප වෙත nishan87blog@gmail.com.ඔබගේ කැමැත්ත(like) අපගේ Blog එකට ලබාදීමද අපි බලපොරොත්තුවන අතර අපගේ ශක්තිය අපගේ සහ ඔබගේ ලිපි වෙනුවෙන් ඔබ ලබාදෙන Comments බව අමතක නොකරන්න.

Thursday, July 14, 2011


බෝමලුවෙ මල් සුවඳක පැටලී.......

මෙම ගීතය ලියවෙන්නේ පුංචි සාමනේර හිමිනමකගේ සිතුවිලි පදනම් කරගෙන බව ගීතය රසවිඳි ඕනම පුද්ගලයකුට වැටහේ. අලුත පැවිදි වූ කුඩා හිමිනමක් නිසා තවම පරණ පුරුදු සිතුවිලි එක්පාරටම නවත්වා ගන්නට වෙර දරන නමුත් කිසිදවසක චීවරය අත්හැර නොයන බවත් ගීතය මුල සිට අගට යන විට තේරුම් ගත හැක. මේ පවුලේ පියා මියගොස් ඇති අතර පවුලේ අඟහිඟකම් නිසා පවුලේ පුතකු ශාසනයට පූජාකර ඇතිබව සංස්කාරකගේ අදහසයි.



බෝමලුවෙ මල් සුවඳක පැටලී 
අම්මා පෙවු කිරි සුවඳ ගලා එන්නේ...
සුපුරුදු උනුහුමහකට සිත  ඈඳී 
ගේදොර සෙල්ලම් පිටිය මතක් වන්නේ...
දම් බෝවිටියා කැලේ මැදින් 
එන්න හිතයි නුඹ ලඟට සැනින්
බෝමලුවේ වඩින පොඩි සාමනේර නමට උවැසි උවැසියන් පුජාකල මල්වල සුවඳ දැනී අම්මාගේ කිරි සුවඳ මතක් වෙනවා.අම්මා ලඟ ඉන්නවා වගේ දැනෙනවා.අම්මා ලඟ ඉන්න විට දැනෙන උනුහුම මතක්වෙනවා.දැනෙන්න ගන්නවා.ඒත් එක්කම ගෙදර දොර,අක්කා,මල්ලී,යහලුවන්,සෙල්ලම් පිට්ටනිය,සෙල්ලම් කරපු හැටි මේ හැම දෙයක්ම මතකයට මේ සාමනේර නමට මතක් වෙනවා.එන්න හිතෙනවා අම්මා ගාවට මේ හැම දෙයක්ම බලල යන්න. තවම මේ සාමණේර නම කැමති පොඩි දරුවෙක් වගේ සෙල්ලම් කරන්න,දුව පැන ඇවිදින්න.


එතෙර කරන්නම් හතරවරිගයම සංසාරේ යන මේ ගමනේ
චුට්ටක් සෙල්ලම් කරලා එන්නද පුරුදු යහලුවන් හා සැනිනේ
එහෙම ගියත් ඒ අය පොඩි සාදූ කියා කියනවිට වැඳවැටිලා
කොහොමද අම්මෙ ඔට්‍ටු දුවන්නෙ වෙල් ඉපනැල්ලෙ පැන නටලා
මට ආසයි අම්මේ පොඩ්ඩක් සෙල්ලම් කරලා එන්න මගේත් එක්ක ඉස්සර සෙල්ලම් කරපු යාලුවන් එක්ක.එත්....ඒ යාලුවො මට පොඩි සාදු කියද්දි වඳිද්දී කොහොමද අම්මේ මම සෙල්ලම් කරන්නේ වෙල් ඉපනැල්ලේ දුවලා පැනලා නටලා.මේ පුංචි සාමණේර නමට ප්‍රශ්නයක්... නමුත් පිලිතුර මේ පුංචි සාමණේර නම සතුයි.ඒත් මේ සාමණේර නම හතරවරිගයම, පරම්පරාවම සංසාරෙන් එතෙර කරන බව යනුවෙන් කියන්නේ පැවිදි ජීවිතයේ දිගටම ‍රැඳී ඉන්න බවයි. ඒ කෙසේ වුවත් මේ පුංචි සාමණේර හිමිගේ සිතුවිලිවලින් අම්මාට පෙන්වන්නේ තමා තාම පොඩි දරුවෙක් සතු හැඟීම්,දඟකාරකම් සපිරි පුංචි දරුවෙක් බව සංස්කාරකගේ අදහසය.

බෝමලුවෙ මල්............

බවයෙන් බවයේ පෙරුම්පුරා මම බවුන්වඩා උපදින වාරේ
දිනයක මතුදා හතරවරිගයම එතෙර කරන්නම් සංසාරේ
ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලඟ ඉන්නම් කිරි සුවඳේ එතිලා
කොහොමද අම්මේ එහෙම කරන්නේ අම්මත් සසරින් එතෙර වෙලා
තම පවුලේ කෙනෙකු සසුනට පූජාකලවිට එම දෙමවුපියන් ඇතුලු හතරවරිගයටම නිවන් දකින්නට පුලුවන් උතුම් පින්කමක් බව ඔබත් මමත් දනී.මේ සාමණේර නමට සිවුරුහැරලා පරණ පුරුදු විදියට ඉන්න සිත දුන්නත්,එසේ වුවහොත් අම්මාට සංසාරෙන් එතෙර වීමට නොහැකි වෙනබව දන්නා නිසා ආත්ම ගානක් හරි මම බවුන් වඩලා කොහොමහරි හතරවරිගයම මේ සංසාරෙන් එතෙර කරන බව මේ හිමිගේ අදහසයි.ඊට පස්සේ පුලුවන් මට අම්මා ගාවට ඇවිත් අම්මාගේ උනුසුම ව්ඳින්න.එත් පසුව වැටහෙනවා ඒ වනවිටත් අම්මත් මේ සංසාරෙන් එතෙර වී ඇතිබව.

Friday, July 8, 2011


පුංචිම දේටත් තරහ ගන්නේ ඇයි.....

මේ ලෝකයේ කොතෙකුත් ප්‍රේම සබඳතා අප දැක ඇත්ද..?එම සබඳතා තුල අප බොහෝ විට දකින්නේ සතුටින් ආදරය බෙදා ගන්න යුවලවල්ය.එහෙත් පුංචි සිත් රිදවිමක් තුලින් දෙදෙනාගේ ආදරය දකින්නේ කියෙන් කිදෙනාද..?
එවැනි ප්‍රේමවන්තයකු හා ප්‍රෙමවන්තියක් අතර සිදු වූ පුංචි සිත් රිදවිමක් මෙම ගිතයට පාදක වී ඇති බව පෙනේ.



පුංචිම දේටත් තරහ ගන්නේ ඇයි
ඩිංගක්වත් මා ගැන නොසිතා
හිනාවෙන්න වගේ අඬන්නටත් මට
පුරුදු කලේ නම් ඔබම තමා....
ඇයි ඔයා චූටි දේටත් තරහ ගන්නේ.ඔයා ඔහොම වෙනකොට මටහරි දුකයි පැටියෝ.ඔයාට මම පවූ කියලා ඩිංගිත්තක්වත් හිතෙන්නේ නැත්ද ඩාලිං....ප්‍රේමවන්තිය තම පෙම්වතාට කතාකරයි.පෙම්වතා පොඩි දේටත් තරහගන්න පුද්ගලයක්.පෙම්වතියගේ ප්‍රශ්නය මෙයයි.එත් එක්කම පෙම්වතියගේ සතුටට හේතුවූ කරුනක්නම් තමාට දුක සතුට දරා ගැනුම පුරුදු කලේ තම පෙම්වතා."පෙම්වතිය කියන්නේ මට දුක සතුට දරා ගන්න පුලුවන්.එත් ඔයා තරහා අරගෙන ඉන්නවට මම කැමති නෑ."



අනාදරෙන් මට කතාකලත් තව
සැනෙකින් යලි ආදරෙයි කියයි
පෙම්වතාට කොතරම් තරහ ගියත් බැන්නත් තමාට යලිත් ආදරෙයි කියමින් ආදරෙන් අමතන බව 
ප්‍රේමවන්තියගේ ප්‍රකාශකරයි.එය කොතරම් කෙටි කාලයකින්ද කියා සැනෙකින් යලි ආදරෙයි කියයි
යන පදයෙන් මනාව පැහැදිලිය.

සිතාගන්න බැරි සතුටසේම දුක
මට ලංකරදුන් ඔබේ ගැනයි ....//

පෙම්වතා තම ප්‍රේමවන්තියව දරාගන්නට බැරි සතුට මෙන්ම දුකද දුන් අවස්ථා නැතුවාම නොවේ.සමබර ලෙස ආදරය පවත්වාගෙන යන බවත් මෙහි ජීවමාන බවත් මෙම පදයෙන් ගීතයට ලබාදී ඇත.

අනාගතේ ගැන බියක් ඇතත් සිත
කිසි වෙනසක් නෑ ඔබේ ලඟයි
පලායන්නබෑ ඔබේ ලොවින් මට
රත්තරනේ ඔබ මගේ පණයි…..//


අනාගතේ ගැන බියක් ඇතත් සිත මේ තරහ යෑම දිගටම තිබුනොත් මට බයත් හිතෙනව ඉස්සරහටත් ඔය ඔහොම වෙයිද කියලා.ඒත් කමක් නෑ මගෙ කිසිම වෙනසක් නෑ.එදාවගේම තමා මගේ ආදරය.
මොනදේ වුනත් මොන දුකක් දුන්නත් මට ඔයාව දාල යන්න බෑ.ඔයා මගේ පණ වගේ වටිනවා.අවසාන පදය කියාපාන, ප්‍රේමවන්තිය තම පෙම්වතාට දක්වන ආදරය කොච්චරද කියා සිතා බැලීම ඔබටම බාර කරමි.

Sunday, July 3, 2011


පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ ....

කාලයක් ආදරයෙන් බැඳුනු විවාහක නොවූ යුවලකගේ ප්‍රේම සබඳතාවයේ නැවතුම නිසා ඇතිවූ ප්‍රේමවන්තයාගේ සිත් තැවුල මෙම ගීතයේ නිර්මාණයට හේතුවූ වස්තු බීජය ලෙස දක්නට ලැබේ.


පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ
එය මකා දමා ගිය හැටි රහසේ
මට තාම මතකයි අපේ ආදරයේ මුල් කාලය.නුඹ මගේ හිත හෙමීහිට හෙමිහිට සොරගත්ත හැටි.දඟකාර සිනහව,මගෙ දිහා ආදරණියව හෙලපු බැල්ම නු මගේ හිතේ ආදරයක් ඇති කලා.ඒත් ඇයි වස්තුවේ නු මටත් නොකියාම මගෙන් වෙන් වෙන්න හිතුවෙ.


ඔබ මෙතෙක් රැඳි උන් මා මනසේ
පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලසේ ....

ප්‍රේමවන්තිය තම ප්‍රෙමවන්තයාටත් නොකියා වෙන්වීමට තනි අසාධාරණ තීරණයක් ගෙන ඇතිබව ශෝකීලාපීව ප්‍රේමවන්තයා කරන අහිංසක ප්‍රකාශය සාක්ෂිය.ඔයා කොච්චර කාලයක් මාත් එක්ක හිටියද...? කොහොමද මම ඔයාව මම අමතක කරන්නෙ අපෙ අතීත මතකයන් ගොඩාක් වැඩියි නේද....?


නුඹ යන්නම යන්නම යනවා නම්
මට ඉන්න කියන්නට බැහැනේ ඉතින්....//
යළි එන්නම එන්නම හිතුනේ නම්
නුඹ එන්න එපා මගෙ හිත තහනම්
ඔයාට මාව දාල යන්නම යනවා.මම කොච්චර ඉන්න කීවත් ඔයා මගේ කීම අහන්න කැමති නැහැනේ.මට ඒ ගැන කියන්නවත් අයිතියක් නැති තරම්.කමක් නෑ ඔයා ගියාට ඔයගෙ මතකයන් මගේ හිතේ තියනවා තාමත්.එපා මගේ මතකයට එන්න මගෙ හිත තහනම්.ඔයා කොච්චර මතකයට එන්න හැදුවත් එන්න එපා.මොකද මට තවත් හිතින් දුක් විඳින්න බෑ.


හුරතලෙන් දැවටිලා මගෙ ළගින්
දුන් සතුට එපමණද මට පවසන්....//
ඔයා මෙච්චර කාලයක් මගේ ලඟ ආදරෙන් ඉඳලා මට පෙන්නපු මට දුන්නු සතුට,ආදරය මෙච්චරද....?ඒ කාලයේ පෙන්නපු ආදරයේ වටිනාකමවත් කියන්න මෙච්චරද කියලා

සඳඑළිය පොළොවටයි හිමි වූයේ
සඳ අහසේ රැඳුනාට රත්තරනේ
සඳ අහසේ තිබුනාට සඳ අයිති පොලවට.සඳ ලඟම පොළවට.සඳ කොච්චර දුරස් උනත් සඳේ එළිය වැටෙන්නෙ පොළවට.සඳේ ලස්සන දකින්නෙ පොළව මිසක් වෙන කිසිවක් නෙවෙයි.ඔයා මටත්,කාටවත් නොකියා,ලෝකයටත් නොකියාම ඔයා මගෙන් සමු ගත්තත් මුලු ලොවම දන්නේ ඔයා මට අයිති කියලා ඔය පිළිගත්තත් නොගත්තත්.අපේ ආදරය වෙනුවෙන් අපි ඇසූ ඇනුම් බැනුම්,චෝදනා,අවලාද,පැසසුම්,වර්ණනාවන් මේ සියලු දේ තව බොහෝ කාලයක් මට හිමි වේවි.මක්නිසාදයත් අපේ ආදරයේ ඒ තරම් අර්ථවත් ශක්තිමත් බවක් ලෝකයා දැකපු නිසා.

Tuesday, June 28, 2011


පිතු සෙනෙහෙ පිදු පියෙකු නොමැති ලොව......


මෙම ගීතය ආදරණීය මවක සහ පියකුගේ වටිනාකම දැක්වෙන ගීතයක්.මින් සමාජයට දෙන පණිවිඩයනම් තම ආදරණිය මව සහ පියා තමාට කෙතරම් ආදරයක් දක්වන දෙදෙනෙක්ද,අපි ඒ අය වෙනුවෙන් කොපමණ ණයගැති විය යුතුද...........? යන ගැඹුරු පණිවිඩයයි.ලෝකයේ පියවරුන් වෙනුවෙන් ලියවු ගීත දක්නට ඇත්තේ බොහෝ අඩු ප්‍රමාණයක්.ගීත රචකයාගේ උත්සාහයනම් එම පියවරුන්ගේ වටිනාකම මතුකිරීම මෙම ගීතයේ පද දකින ඕනම අයකුට වටහා ගත හැක.

පිතු සෙනෙහෙ පිදු පියෙකු නොමැති ලොව 
දූදරුවන් හිනැහී ඇතිදෝ 
උන්ගේ සිතරැඳි තනිය මකන්නට
මවුනට කවදා හැකිවේදෝ .....
පියසෙනෙහස නොමැති දවසක දරුවන්ට කුමක් සිදුවෙයිද...?වෙනුවෙන් තම ආදරණීය පියාගේ ආදරය,සෙනෙහස,රැකවරණය අහිමි දරුවන්ගේ ලෝකය සිනාහවෙන් සතුටින් ගත කලහැකිද....?කිසිසෙත් නොහැකි බව ඔබට අමුතුවෙන් වටහා දියයුත්තක් නොවේ.ඒ අඩුව පිරිමැහීමට කිසිදු අම්මා කෙනෙකු සමත් නොවන බව "උන්ගේ සිතරැඳි තනිය මකන්නට මවුනට කවදා හැකිවේදෝ .." පද පේලියෙන් මනාව පැහැදිලිවේ.

හිරුමඩළක්සේ කිරණ බෙදාදී 
නුග සෙවනක්සේ සිසිළ සදාදී 
ජීවිතයේ බර උරින් දරා 
පියවරුමයි ලොව මහසයුරක්වී 
පොළොව නිවාලන්නේ .....
හිරු කිරණවල ශක්තිය කොපමණද?මේ ලෝකයටම ශක්තිය දෙන්නෙ හිරු.හිරුගේ ශක්තිය මෙන් තම දූ දරුවන්ගේ ශක්තිය වුනේ කවදත් අපේ පියාණන්.අපරිමිත රැකවරණය සමාන කල ඇත්තෙ විසල් නුග රුකකට.විසල් නුග රුකක් යට සිටිනා විට දැනෙන රැකවරණය,සිසිල බිඳුවක් මතක් කර බලන්න.ජීවිතයේ සියලු බර දරා ගනිමින් මේ ලෝකයේ විඩාව සංසිඳුවාලන මහා සයුර අපගේ ආදරණීය පියාණන්මැයි.


මෙත් මුදිතා ගුණ සිතෙහි දරා 
පෙරුම් පුරා ඉඳ සසරපුරා 
අම්මවරු මතු බුදුවන්නේ 
පියවරුමයි ලොව බුදුවන මව්නට 
ඒ විවරණ දෙන්නේ ......
ගීත රචකයාට අම්මා අමතක කල නොහැකිවී ඇති බවක් අවසාන කොටසින් කියවේ.මවකගේ ප්‍රාර්ථනය මතු බුදු වීමනම් ඒ සඳහා විවරණ දීමට සුදුසුම වන්නේ පියා බව අවසාන පද කීපය සාක්ෂි දරයි.අවසාන ලෙස තම මව පියා යනු තම දූ දරුවන් වෙනුවෙන් අසීමිත කැපකිරීමක් කරන උතුම් උත්තරීතර පුද්ගලයන් දෙදෙනෙකි.උතුම් බුදු පදවිය ලබන්න මවු කෙනෙකුත් එම පදවියට විවරණ දීමට පිය කෙනෙකුත් සුදුසු වන්නේ ඇයිද වග මඳක් සිතා බලන්න.

Monday, June 20, 2011


පායා ඇයි හිනහෙන්නේ
මෙම ගිතය ආදරයෙන් බැඳුනු දෙදෙනෙකුගේ  තාවකාලික වෙන්වීම ආදරවන්තයකුට දැනෙන්නාවූ සිතුවිලි සමුදායක් පද රචකයාගේ ග්‍රහනයට හසුවූ අවස්ථාවක්ය.සමහරවිට මේ දෙදෙනා විවාහක යුවලක් විය හැකිබව මගේ අදහස.නමුත් ඒ බව සනාථවන පදයක් නොමැත.

"පායා ඇයි හිනහෙන්නේ
නිල් ගුවනේ තරු රාශී
නැතිවී නැතිවී නම් ඇගෙ මුහුනේ
නිල්වන් දෙනෙතේ කාන්තී"
ඔයා අද මගෙ ලඟ නැති පාලුව මට දරාගන්න බෑ රත්තරනේ.ඒ පාලුව කොච්චරද කියනවනම් මේ රාත්‍රිය මට මහ දුකක්.මේ තරු මට සරදමට හිනාවෙනවා.ඔයා මගේ ලඟ නැතිනම් මට මේ තරු පිරි අහස මොකටද?මේ තරුණයා දකින්නේ තම ආදරවන්තියගේ කාන්තිමත් ඇස් දිලිසෙන තරු පිරි අහස සේ යැයි පද රචකයා උපමාවක් සේ දක්ව ඇත.

"ඇගෙ වත මට නොපෙනේනම්
පුන්සඳ ඇයි හිනහෙන්නේ....//
පුන්සඳ කොච්චර ලස්සන උනත් ඔයා නැතිනම්....මේ තරුණයාගේ විප්පයෝගය නොවෙද?
නැතිදා ඇගෙ ගී රාවේ
කොවුලනි ඇයි ගී ගැයුවේ.....//
වනයේ පිපි මල් ගොමුවේ
සමනලයිනි ඇයි හැඬුවේ
නැතිවී නැතිවී නම් ඇගෙ මුහුනේ
නිල්වන් දෙනෙතේ කාන්තී"
මේ කුරුල්ලන්ගේ කෑගැසීම මට ඔයාගේ මතකය අලුත් කරවනවා.ඔයා මගේ ලඟ ඉඳන් ආදරබස් තෙපලනවා සේ මට ඇහෙනවා.

"ඇගෙ දිමුතු දසන් නොපෙනී
මට මොකටද මුතුපන්තී....//
ඇගේ කඳුලැලි නැතිවිටදී
ඕනෑ නෑ දියමන්තී"
ඇගේ සිනාව,කඳුලු නැතිනම් මොන වටින වස්තුව තිබුනත් වැඩක්නැති බව තරුනයාගේ ආදරය ප්‍රකාශ කරයි.

Sunday, June 19, 2011


විදුලි මිණි පහන් දැවී......

මෙම ගීතයට පාදක වී ඇත්තේ පොහොසත් ගැහැනියක හා දුප්පත් මිනිසකු අතර සිදුවූ නොගැලපුනු විවාහයක සිදුවිමක්ය.පදරචකයාගේ සියුම් බුද්ධියට ගෝචර වූ තැන් කීපයක්

"විදුලි මිණි පහන් දැවී
බොළඳ ගී සිනා රැළී
නිලංකාර අඳුරේ සිරවි
සැඳෑ සාදයේ"

මෙය ගැහැණියගේ උපන්දින සාදයක් බවට කරුනු සනාථ වනුයේ ඇයගේ පමණක්වූ අත්තනොමතික හැසිරීමය.ඇය තම උපන් දින සාදය වෙනුවෙන් විශාල මිතුරු මිතුරියන් පිරිසකට ආරදනා කරන්නට ඇති.විශාල මුදලක්ද වියදම් කරමින් සැඳෑ සාදයක්ද පිලියෙල කලබව පෙනෙන්නට තිබේ.විදුලු බුබුලු වලින් අලංකෘතවූ මන්දිරයකි

"කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ"

මෙම පදය සිය සැමියාගේ දුප්පත් බව සහ දෙදෙනාගේ නොගැලපීම මනාව පැහැදිලි කරයි.බිරිඳගේ මුදලින් ගොඩනැගුනු නිවස මන්දිරයක්මය.සියලු සම්පතක්ම ඈගේය.නමුත් බිරිඳට මුල් තැන් දිය යුතුය.එබැවින් තමාට බිරිඳ කියන ආකාරයට සිටීමට සිදුව තිබේ.

"එන්න කන්න බොන්න මිහිරේ සැමටයි ආරාදනා
ඔබෙ හඬ කිඳී සිදී යයි කතා සරිත් සාගරේ....//
පුරාගෙන පිරූ විතේ විසිලු කෙලිනටුම් සිනා
යොමා ඇස බලන් යලි සොඳුරියෙ මැදුරු දොර දිහා"

සැමියාගේ ශෝකී තැවුලනම්, එන්න කන්න බොන්න,බොහෝ අයට ආරාදනා ලැබුනි.තමාගෙ අයට ආරාදනා කිරීමට නොහැකිවී ඇත්තේ මෙකී පරතරයයි.ඔයාගේ කටහඬ ඇසෙන්නෙ නැති තරම් මිනිසුන්ගේ සතුටු සාමිචියන්ය.තැනින් තැන ඉංග්‍රීසි කතා කරනු ඇසේ.බොහෝ අය මදුවිතෙන් සප්පයම් වෙලාය.ගැහැනු පිරිමි වෙනසක් නැති තරම්ය.මට ඇවිත් බලන්නට සිතේ.මම කවදාවත් නොදැකපු දෙයක් උනත් මට ඔයාට ලැජ්ජාකල නොහැක.මෙ සියලු දෙය ඔයගෙ.මට අයිතියක් නැති බව එවිට මුලු ලොව දැන ගනීවි.කමක් නෑ සොඳුරිය පොඩ්ඩක් පියවි ලොවට ඇවිත් බලන්න

"දෙන්න කන්න බොන්න නොකියා දෙනෙතින් ආරාදනා
දෑත පා ඉඳුල් යදී ඇස් ගයා හංස ගීතිකා.....//
ඔබෙ මන්දිරෙන් එහා මගේ ලොව බලා සිටී
පලා යයි ඔබෙ ලොවින් මා දෙපා සමුනොදී"

ගැහැනු පිරිමි කෑම ගත් පිරිස තම සගයන්ට මුවින් නොව දෙනෙතින් ආරදනා කරන්නෙ ඇතිතරම් කෑම කන්න කියාය.මටනම් මේවා හීනයක්මය.දැන් කරන්නට දෙයක් නැත.
මගෙ හුරු පුරුදු ලොව ඇත්තෙ මෙ විසල් තාප්පයෙන් එහා.මාහට මෙය බලාසිටිය නොහැක සොඳුරිය සිතින් මගෙ ලොව සැරිසරන්නම් මේවිසල් ගෙමිදුල තුල සිට