සංස්කාරක ප්‍රකාශය

අපගේ Outlook of verse Blog අවකාශයට පැමිනි ඔබ සාදරයෙන් පිලිගනිමු.මෙම Blog අවකාශය හරවත් ගීත වල අර්ථයන් සහ තේරුම් ඔබ වෙත තිලිණ කරනු ලබයි.මෙම ගීතයන්ගේ අර්ථය සංස්කාරක විසින් නිර්මිත හෝ ගීත රචකයාගේ අර්ථය වියහැක.තවද එක් ගීතයක් සඳහා අර්ථයක් හෝ අර්ථයන් කීපයක් වියහැක.ඔබ දන්නා යම් ගීතයක අර්ථයක් වේ නම් අප වෙත ලියා එවන්න.අපි ඔබ නමින් එය පලකරන්නෙමු.ඔබගේ අදහස්,යෝජනා යොමු කරන්න අප වෙත nishan87blog@gmail.com.ඔබගේ කැමැත්ත(like) අපගේ Blog එකට ලබාදීමද අපි බලපොරොත්තුවන අතර අපගේ ශක්තිය අපගේ සහ ඔබගේ ලිපි වෙනුවෙන් ඔබ ලබාදෙන Comments බව අමතක නොකරන්න.

Friday, July 8, 2011


පුංචිම දේටත් තරහ ගන්නේ ඇයි.....

මේ ලෝකයේ කොතෙකුත් ප්‍රේම සබඳතා අප දැක ඇත්ද..?එම සබඳතා තුල අප බොහෝ විට දකින්නේ සතුටින් ආදරය බෙදා ගන්න යුවලවල්ය.එහෙත් පුංචි සිත් රිදවිමක් තුලින් දෙදෙනාගේ ආදරය දකින්නේ කියෙන් කිදෙනාද..?
එවැනි ප්‍රේමවන්තයකු හා ප්‍රෙමවන්තියක් අතර සිදු වූ පුංචි සිත් රිදවිමක් මෙම ගිතයට පාදක වී ඇති බව පෙනේ.



පුංචිම දේටත් තරහ ගන්නේ ඇයි
ඩිංගක්වත් මා ගැන නොසිතා
හිනාවෙන්න වගේ අඬන්නටත් මට
පුරුදු කලේ නම් ඔබම තමා....
ඇයි ඔයා චූටි දේටත් තරහ ගන්නේ.ඔයා ඔහොම වෙනකොට මටහරි දුකයි පැටියෝ.ඔයාට මම පවූ කියලා ඩිංගිත්තක්වත් හිතෙන්නේ නැත්ද ඩාලිං....ප්‍රේමවන්තිය තම පෙම්වතාට කතාකරයි.පෙම්වතා පොඩි දේටත් තරහගන්න පුද්ගලයක්.පෙම්වතියගේ ප්‍රශ්නය මෙයයි.එත් එක්කම පෙම්වතියගේ සතුටට හේතුවූ කරුනක්නම් තමාට දුක සතුට දරා ගැනුම පුරුදු කලේ තම පෙම්වතා."පෙම්වතිය කියන්නේ මට දුක සතුට දරා ගන්න පුලුවන්.එත් ඔයා තරහා අරගෙන ඉන්නවට මම කැමති නෑ."



අනාදරෙන් මට කතාකලත් තව
සැනෙකින් යලි ආදරෙයි කියයි
පෙම්වතාට කොතරම් තරහ ගියත් බැන්නත් තමාට යලිත් ආදරෙයි කියමින් ආදරෙන් අමතන බව 
ප්‍රේමවන්තියගේ ප්‍රකාශකරයි.එය කොතරම් කෙටි කාලයකින්ද කියා සැනෙකින් යලි ආදරෙයි කියයි
යන පදයෙන් මනාව පැහැදිලිය.

සිතාගන්න බැරි සතුටසේම දුක
මට ලංකරදුන් ඔබේ ගැනයි ....//

පෙම්වතා තම ප්‍රේමවන්තියව දරාගන්නට බැරි සතුට මෙන්ම දුකද දුන් අවස්ථා නැතුවාම නොවේ.සමබර ලෙස ආදරය පවත්වාගෙන යන බවත් මෙහි ජීවමාන බවත් මෙම පදයෙන් ගීතයට ලබාදී ඇත.

අනාගතේ ගැන බියක් ඇතත් සිත
කිසි වෙනසක් නෑ ඔබේ ලඟයි
පලායන්නබෑ ඔබේ ලොවින් මට
රත්තරනේ ඔබ මගේ පණයි…..//


අනාගතේ ගැන බියක් ඇතත් සිත මේ තරහ යෑම දිගටම තිබුනොත් මට බයත් හිතෙනව ඉස්සරහටත් ඔය ඔහොම වෙයිද කියලා.ඒත් කමක් නෑ මගෙ කිසිම වෙනසක් නෑ.එදාවගේම තමා මගේ ආදරය.
මොනදේ වුනත් මොන දුකක් දුන්නත් මට ඔයාව දාල යන්න බෑ.ඔයා මගේ පණ වගේ වටිනවා.අවසාන පදය කියාපාන, ප්‍රේමවන්තිය තම පෙම්වතාට දක්වන ආදරය කොච්චරද කියා සිතා බැලීම ඔබටම බාර කරමි.

6 comments:

  1. සිංදුව අහල නම් නෑ සහෝ. ඒත් පද නම් ගොඩක් ලස්සනයි. ජය!

    ReplyDelete
  2. ගායනයත් එක්ක පද රචනයයි, සංගීතයයි ත් දැම්ම නම් හොඳයි සහෝ.

    වැදගත්ම දේ මේ වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරපන්. ඒක මහ වදයක්.

    ReplyDelete
  3. මාත් ගොඩක් ආස සින්දුවක්....ගොඩක් ලොකු අර්ථයක් තියනවා..මම ෆලෝ පාරකුත් දැම්මා..වටින බ්ලොග් අඩවියක් නිසා!

    ReplyDelete

Thanks!