සංස්කාරක ප්‍රකාශය

අපගේ Outlook of verse Blog අවකාශයට පැමිනි ඔබ සාදරයෙන් පිලිගනිමු.මෙම Blog අවකාශය හරවත් ගීත වල අර්ථයන් සහ තේරුම් ඔබ වෙත තිලිණ කරනු ලබයි.මෙම ගීතයන්ගේ අර්ථය සංස්කාරක විසින් නිර්මිත හෝ ගීත රචකයාගේ අර්ථය වියහැක.තවද එක් ගීතයක් සඳහා අර්ථයක් හෝ අර්ථයන් කීපයක් වියහැක.ඔබ දන්නා යම් ගීතයක අර්ථයක් වේ නම් අප වෙත ලියා එවන්න.අපි ඔබ නමින් එය පලකරන්නෙමු.ඔබගේ අදහස්,යෝජනා යොමු කරන්න අප වෙත nishan87blog@gmail.com.ඔබගේ කැමැත්ත(like) අපගේ Blog එකට ලබාදීමද අපි බලපොරොත්තුවන අතර අපගේ ශක්තිය අපගේ සහ ඔබගේ ලිපි වෙනුවෙන් ඔබ ලබාදෙන Comments බව අමතක නොකරන්න.

Tuesday, June 28, 2011


පිතු සෙනෙහෙ පිදු පියෙකු නොමැති ලොව......


මෙම ගීතය ආදරණීය මවක සහ පියකුගේ වටිනාකම දැක්වෙන ගීතයක්.මින් සමාජයට දෙන පණිවිඩයනම් තම ආදරණිය මව සහ පියා තමාට කෙතරම් ආදරයක් දක්වන දෙදෙනෙක්ද,අපි ඒ අය වෙනුවෙන් කොපමණ ණයගැති විය යුතුද...........? යන ගැඹුරු පණිවිඩයයි.ලෝකයේ පියවරුන් වෙනුවෙන් ලියවු ගීත දක්නට ඇත්තේ බොහෝ අඩු ප්‍රමාණයක්.ගීත රචකයාගේ උත්සාහයනම් එම පියවරුන්ගේ වටිනාකම මතුකිරීම මෙම ගීතයේ පද දකින ඕනම අයකුට වටහා ගත හැක.

පිතු සෙනෙහෙ පිදු පියෙකු නොමැති ලොව 
දූදරුවන් හිනැහී ඇතිදෝ 
උන්ගේ සිතරැඳි තනිය මකන්නට
මවුනට කවදා හැකිවේදෝ .....
පියසෙනෙහස නොමැති දවසක දරුවන්ට කුමක් සිදුවෙයිද...?වෙනුවෙන් තම ආදරණීය පියාගේ ආදරය,සෙනෙහස,රැකවරණය අහිමි දරුවන්ගේ ලෝකය සිනාහවෙන් සතුටින් ගත කලහැකිද....?කිසිසෙත් නොහැකි බව ඔබට අමුතුවෙන් වටහා දියයුත්තක් නොවේ.ඒ අඩුව පිරිමැහීමට කිසිදු අම්මා කෙනෙකු සමත් නොවන බව "උන්ගේ සිතරැඳි තනිය මකන්නට මවුනට කවදා හැකිවේදෝ .." පද පේලියෙන් මනාව පැහැදිලිවේ.

හිරුමඩළක්සේ කිරණ බෙදාදී 
නුග සෙවනක්සේ සිසිළ සදාදී 
ජීවිතයේ බර උරින් දරා 
පියවරුමයි ලොව මහසයුරක්වී 
පොළොව නිවාලන්නේ .....
හිරු කිරණවල ශක්තිය කොපමණද?මේ ලෝකයටම ශක්තිය දෙන්නෙ හිරු.හිරුගේ ශක්තිය මෙන් තම දූ දරුවන්ගේ ශක්තිය වුනේ කවදත් අපේ පියාණන්.අපරිමිත රැකවරණය සමාන කල ඇත්තෙ විසල් නුග රුකකට.විසල් නුග රුකක් යට සිටිනා විට දැනෙන රැකවරණය,සිසිල බිඳුවක් මතක් කර බලන්න.ජීවිතයේ සියලු බර දරා ගනිමින් මේ ලෝකයේ විඩාව සංසිඳුවාලන මහා සයුර අපගේ ආදරණීය පියාණන්මැයි.


මෙත් මුදිතා ගුණ සිතෙහි දරා 
පෙරුම් පුරා ඉඳ සසරපුරා 
අම්මවරු මතු බුදුවන්නේ 
පියවරුමයි ලොව බුදුවන මව්නට 
ඒ විවරණ දෙන්නේ ......
ගීත රචකයාට අම්මා අමතක කල නොහැකිවී ඇති බවක් අවසාන කොටසින් කියවේ.මවකගේ ප්‍රාර්ථනය මතු බුදු වීමනම් ඒ සඳහා විවරණ දීමට සුදුසුම වන්නේ පියා බව අවසාන පද කීපය සාක්ෂි දරයි.අවසාන ලෙස තම මව පියා යනු තම දූ දරුවන් වෙනුවෙන් අසීමිත කැපකිරීමක් කරන උතුම් උත්තරීතර පුද්ගලයන් දෙදෙනෙකි.උතුම් බුදු පදවිය ලබන්න මවු කෙනෙකුත් එම පදවියට විවරණ දීමට පිය කෙනෙකුත් සුදුසු වන්නේ ඇයිද වග මඳක් සිතා බලන්න.

3 comments:

  1. මේ coment වැඩේ කරන්න එපා මාර නොන්ඩ්ය
    රෙස්ලින්.lk team

    ReplyDelete
  2. ගොඩක් හොදයි ඔබගේ උත්සාහාය...
    http://powerofdx.blogspot.com/

    ReplyDelete

Thanks!